භාවනාව යනු කුමක්ද? ඒ සැබැවින්ම බොහෝ සංකීර්ණ සහ සංකූල ප්රශ්නය විමසා බැලීමට ප්‍රථම අපි අප මූලිකව කුමක් පසුපස ද හඹා යන්නේ කියා ඉතාමත් පැහැදිලි විය යුතුයි. අප සැමවිටම යමක් සොයමින් සිටිනවා. විශේෂයෙන් ධාර්මික නැඹුරුතාවයක් ඇති අය. විද්‍යාඥයාට ද සෙවීම සෑහෙන සංසිද්ධියක් වී තිබෙනවා. අප භාවනාව කියන්නේ කුමක්ද කියා සොයා බැලීමට සහ අප කොහෙත්ම භාවනා කළ යුත්තේ ඇයිද, එහි ප්‍රයෝජනය කුමක්ද, එය අපව කුමන දෙයකට පත් කරයිද, ආදිය විමසා බැලීමට පෙර මේ සෙවීම යන කරුණ අප ඉතාමත් පැහැදිලිව සහ නිශ්චිතව තේරුම් ගත යුතුයි.
‘සෙවීම’ යන වචනයෙන් - එනම් යමක් පසුපස හඹායෑම, ලබා ගැනීමට උත්සාහ කිරීම - අප බොහෝ දුරට අප කුමක් පසුපස ද යන්නේ කියා දන්නා බව අදහස් වෙනවා නොවේද? අප සත්‍ය සොයනවා හෝ දෙවියන් වහන්සේ සොයනවා - ඒ අපට ධාර්මික නැඹුරුතාවක් ඇත්නම් - හෝ පරිපූර්ණ ජීවිතයක් සොයනවා ආදී වශයෙන් පවසන විට අපට ඒවන විටත් මනසේ යම් ප්‍රතිරූපයක් හෝ අදහසක් තිබෙනවා විය යුතුයි. යමක් සෙවීමෙන් පසු සොයා ගැනීමට අපට එහි ආකෘතිය, එහි පැහැය, එහි අන්තර්ගතය ආදිය සම්බන්ධව අප සොයන විටත් දැන සිටිය විය යුතුයි. සෙවීම (යමක් ලබාගැනීමට උත්සාහ කරනවා) යන්නෙන් අපට යමක් අහිමි වී ඇති බවත්, අප එය සොයා ගැනීමට යන බවත්, එය සොයාගත් විට අපට එය හඳුනාගත හැකි වන බවත් අදහස් වෙනවා නේද? එයින් අදහස් වන්නේ අප ඒවන විටත් එය දැනසිටිය බවත්, අපට කිරීමට ඇත්තේ එය පසුපස ගොස් එය සොයා ගැනීම බවත් ය.
භාවනාවේදී අප වටහාගන්නා ප්‍රථම දෙය වන්නේ සෙවීමේ ප්‍රයෝජනයක් නැත යන කරුණයි. මන්ද ඔබ සොයන දේ, ඔබ ආශා කරන, අවශ්‍ය කරන, දෙයක් විසින් කලින්ම තීරණය කර ඇති බැවින්. ඔබ අසන්තෝෂයෙන් නම්, පාළුවෙන් නම්, කනස්සල්ලෙන් නම් ඔබ බලාපොරොත්තුවක්, මිත්‍ර සම්බන්ධතාවයක්, ඔබට හොඳින් පැවතිය හැකි යමක් සොයනු ඇති අතර නියත වශයෙන්ම ඔබ එවැන්නක් සොයාගනු ඇත.
භාවනාවේදී අප නිසි පිළිවෙළක් වූ අත්තිවාරම එනම් යහපත්කම යන අත්තිවාරම දැමිය යුතුයි. කිසිදු සදාචාරයක් නොවන සමාජ සදාචාරය වූ නම්බුකාරකම නොව එයට හාත්පසින්ම වෙනස් වූ අපිළිවෙළ වටහාගැනීම නිසා ඇතිවන නිසි පිළිවෙළ වන අත්තිවාරම දැමිය යුතුයි. අභ්‍යන්තරිකව සහ බාහිරව ඝට්ටනය පවතින තාක් අපිළිවෙළ පැවතිය යුතුයි.
අපිළිවෙළ තේරුම් ගැනීමෙන් ඇතිවන නිසි පිළිවෙළ යම් සැලසුමකට, යම් අධිකාරියකට හෝ තමාගේම විශේෂ අත්දැකීමක් මත පදනම්ව ඇතිවන්නක් නොවේ. පැහැදිලිවම මේ නිසි පිළිවෙළ උත්සාහයකින් තොරව ඇතිවිය යුතුයි. මන්ද උත්සාහය විකෘති කරනු ලබන නිසා. එය කිසිදු ආකාරයක පාලනයකින් තොරව ඇතිවිය යුත්තකි.
පාලනයකින් තොරව නිසි පිළිවෙළ ඇතිකළ යුතුයි යැයි පවසන විට අප පවසන්නේ ඉතාමත් දුෂ්කර දෙයක්. අප අපිළිවෙළ, අවුල, තේරුම් ගත යුතුයි. එය ඇතිවන්නේ කෙසේද කියා තේරුම් ගත යුතුයි. එය අප තුළ ඇති ඝට්ටනයයි. එය ක්රෑරත්වයෙන් මිදීම තේරුම් ගන්නේ එය නිරීක්ෂණය කිරීම තුළිනුයි. එය අභිබවා යාමක් හෝ හිරකිරීමක් හෝ යටපත් කිරීමක් තුළින් කරන්නක් නොවෙයි. කිසිදු විකෘති කිරීමකින් තොරව, කිසිදු බලකිරීමක් හෝ දිශානතියක් දක්වන ආවේගයකින් තොරව නිරීක්ෂණය කිරීම ඉතාමත් අසීරු කාර්යයක්.
පාලනයෙන් යටපත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ ඉවත් කර තැබීම සිදුවේ. එහි පාලනය කරන්නා සහ පාලනයට ලක්වන දේ අතර භේදයක් පවතින තත්ත්වයක් පවතී. කෙනෙකු මෙය වටහා ගත් විට පාලනය සහ කැමැත්තට අනුව තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම අවසන් වේ. මේ සියල්ල ඔබ සිතන සියලු දේට වඩා සෑහෙන දුෂ්කර මෙන්ම පරස්පර විරෝධී ලෙස පෙනෙන්නට පුළුවන. ‘පාලනයකින් තොරව, අභිප්‍රායේ ක්‍රියාත්මක වීමකින් තොරව නිසි පිළිවෙළක් ඇතිවන්නේ කෙසේද?’ කියා ඔබ පැවසීමට ඉඩ ඇත. නමුත් අප පැවසූ පරිදි පාලනයේදී පාලනය කරන්නා සහ පාලනය කිරීමට යන දේ අතර භේදයක් පවතිනවා. මේ භේදය තුළ ඝට්ටනය පවතිනවා. විකෘති කිරීම පවතිනවා. ඔබ මෙය සැබැවින්ම වටහාගත් විට පාලනය කරන්නා සහ පාලනය කරන දේ අතර ඇති භේදය අවසන් වන අතර ඒ නිසා වැටහීම, තේරුම් ගැනීම, ඒ සමග ඇතිවෙනවා.
සැබැවින්ම ඇති තත්ත්වය තේරුම් ගත් විට පාලනය කිරීමට අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. ඉතින් අප භාවනාව යන ප්රශ්නය විමසා බැලීමේදී ප්‍රථමයෙන් මේ කරුණු දෙක සම්පූර්ණයෙන් තේරුම් ගැනීම අනිවාර්යයෙන් අවශ්‍ය වේ. ප්‍රථමයෙන් සෙවීමේ පලක් නොමැති බවත පරස්පර විරෝධීතාව සහ ද්විත්ව බව අන්තර්ගත පාලනය නිසා ඇතිවන අවුල, අපිළිවෙළ, තේරුම් ගැනීම නිසා ඇතිවන නිසි පිළිවෙළ තිබිය යුතු බව.
කෝප වී සිටින අයකු කෝපය ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී කෝපය තමාම බව දුටු විට නිසි පිළිවෙළ ඇති වේ. මේ වැටහීම නොමැතිව ඇත්තටම ඔබට භාවනාව කියා කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. භාවනාව සම්බන්ධව ලියා ඇති සියලුම පොත් හෝ භාවනා කරන්නේ කෙසේද යැයි ඔබට පවසන සියලු අයගෙන් හෝ භාවනා කිරීම සඳහා පිහිටුවාගෙන ඇති සියලුම කණ්ඩායම්වලට හෝ රැවටෙන්න එපා. මන්ද නිසි පිළිවෙළ, එනම් සුචරිතය නොමැති නම් මනස පරස්පර විරෝධීත්වය ඇති උත්සාහයක නිරත වී ජීවත් වෙනවා විය යුතුයි. එවැනි මනසක් භාවනාවට සම්බන්ධ වූ සියලු දේ ගැන දකිනවා වෙන්නේ කෙසේද?
අපගේ මුළු පැවැත්මෙන්ම අප මේ ආදරය කියන අපූර්ව දේ මත එළඹිය යුතුයි. එසේ වීම බියෙන් තොර වීම ද වෙනවා. අප අදහස් කරන්නේ මගේ ආදරය සහ ඔබගේ ආදරය ලෙස භේදයක් ඇති නොකරන, තරගකාරිත්වයක් නොදන්නා, ආස්වාදයෙන්, ආශාවෙන්, ඊර්ෂ්‍යාවෙන් ස්පර්ශ නොවූ ආදරයකි. එවිට මොළය සහ හැඟීම් ඇතුළුව මනස සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීතාවයකින් තොරව එක්සත් භාවයකින් යුක්ත වෙනවා. මෙය තිබිය යුතුයි. නැතහොත් භාවනාව ස්වයං මෝහනයක් වෙනවා.
ඔබ ඔබගේ මනසේ ක්‍රියාකාරකම් දැනගැනීමට, එනම් එහි ‘මම’ සහ ‘මම නොවන’ වන මම කේන්ද්‍රීය ක්‍රියාකාරකම් දැනගැනීමට, බොහෝ පරිශ්‍රමයකින් වැඩ කරන්න අවශ්‍ය වෙනවා. මායාවන් සහ රැවටිලි මෙන්ම අපට ඇති ප්රතිරූපයන් සහ මනඃකල්පිත සුරංගනා සිතීම් ඇතුළුව මනස එය මතම කරන සියලු ප්රයෝගයන් සමග වු ඔබගේ ස්වභාවය පිළිබඳව ඔබ හොඳින් දැන හඳුනාගත යුතුයි. හැඟීම් මත ක්‍රියාකිරීමට හැකි මනසකට ආදරය කළ නොහැකියි. හැඟීම් ක්රෑරත්වය, දරුණුකම සහ ප්රචණ්ඩ බව ඇතිකරනවා. එය ආදරය ඇති කරන්නේ නැහැ.
මෙය ඔබ තුළ ගැඹුරින් ස්ථාපනය කිරීම බොහෝ අසීරුයි. එයට අතිශය විනයක් අවශ්‍ය කරනවා. ඔබ තුළ සිදුවන දේ නිරීක්ෂණය කිරීම තුළින් ඉගෙනගැනීම අවශ්‍ය කරනවා. ඔබ කිසිදු ආකාරයක පූර්ව නිගමනයක් හෝ සංකල්පයක් හෝ ක්‍රම පටිපාටියකට හෝ අනුව නිරීක්ෂණය කරන්නේ නම් ඒ සඳහන් කළ ක්රෑරත්වයෙන් මිදීම නිරීක්ෂණය කළ නොහැකියි. ඔබ නිරීක්ෂණය කරන්නේ මනෝ චිකිත්සකයකු පවසා ඇති යමකට අනුව නම් ඔබ සැබවින්ම ඔබව නිරීක්ෂණය කරන්නේ නැහැ. එබැවින් එහිදී එහි ආත්මාවබෝධය ඇතිවන්නේ නැහැ.
ඔබට අන් අයගේ ප්‍රචාරයන්ගෙන් සහ අත්දැකීම්වලින් බරිත නොවී සම්පූර්ණයෙන්ම තනියම නැගී සිටීමට හැකි මනසක් අවශ්‍යයි. සත්‍යය අවබෝධය ගුරුවරයකු හෝ නායකයකු තුළින් නොලැබේ. එය එන්නේ ඔබ ඔබගේ ඇති තත්ත්වයෙන් ඉවත්ව නොගොස් ඔබ තුළ ඇති දේ තේරුම් ගැනීමෙනුයි. මනස එහි මානසික භූමියේ සැබැවින්ම සිදුවන දේ තේරුම් ගත යුතුයි. මනසේ කුමක්ද සිදුවන්නේ කියා විකෘති කිරීමකින් තොරව සිහි කල්පනාවෙන් දැකිය යුතුයි. කිසිදු තෝරාගැනීමකින් තොරව, කිසිදු අමනාපයකින් හෝ අප්රසන්නතාවයකින් හෝ විස්තර කිරීමකින් හෝ සාධාරණීයකරණය කිරීමකින් තොරව සිහි කල්පනාවෙන් දැකිය යුතුයි. නිකම්ම සිහි කල්පනාවෙන් යුක්ත විය යුතුයි.
මේ පදනම බලහත්කාරයෙන් නොව පහසුවෙන්, මිත්රශීලීව, යමක් වෙත ළඟාවීමට බලාපොරොත්තුවකින් තොරව, සන්තෝෂයෙන් දැමිය යුතුයි. ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ කනස්සල්ල මඟහැර ඉවත්ව යනවා වෙනවා. ඔබ කනස්සල්ල තේරුම් ගත යුතුයි. බලාපොරොත්තු තිබිය හැකි දෙයක් සෙවීම නොවෙයි ඔබ කළ යුත්තේ. ‘ඇති දෙය’ තේරුම් ගැනීමේදී කනස්සල්ල මෙන්ම බලාපොරොත්තු ද නොමැත. මේ සියල්ල අප මනුෂ්‍ය මනසෙන් ප්‍රමාණය ඉක්මවා ඉල්ලීමක් කිරීමක්ද? අප බැලූ බැල්මට කිසිසේත් කළ නොහැකිය කියා පෙනෙන දෙය කළ හැකිද කියා විමසුවේ නොමැති නම් අප කළ හැකිය හිතන දෙයෙහි සීමිත බවට, උගුලට හසුවනවා. මේ උගුලට හසුවීම ඉතා පහසුයි. අප මනසෙන් සහ හදවතෙන් උපරිමය ඉල්ලා සිටිය යුතුයි. නැතහොත් අප කළ හැකිය කියන ලෙහෙසි සහ සුවපහසු සීමාවේ සිටීමට පෙලඹෙනවා.
දැන් අපි තවමත් මේ කරුණු සම්බන්ධව එකට සිටිනවාද? සමහර විට අප එකට සිටින්නට පුළුවන. නමුත් වචනය කියන දෙය නොවේ. අප කළේ විස්තර කිරීමක් වන අතර විස්තරය විස්තර කරන ලද දෙය නොවේ. ඔබ දේශකයා සමග චාරිකාවක යෙදෙන්නේ නම් ඔබ චාරිකාවේ යෙදෙන්නේ ඇත්තටමයි. න්‍යායාත්මකව හෝ මතයක් ලෙස නොව ඔබම විසින් නිරීක්ෂණය කරන යමක් ලෙසිනුයි. ඔබ අත්දකින යමක් ලෙස නොවේ. නිරීක්ෂණය සහ අත්දැකීම අතර වෙනසක් තිබෙනවා.
නිරීක්ෂණය කිරීම සහ අත්දැකීම අතර ලොකු වෙනසක් තිබෙනවා. නිරීක්ෂණයේදී කොහෙත්ම නිරීක්ෂකයකු නැහැ. ඇත්තේ නිරීක්ෂණය පමණයි. නිරීක්ෂණයේ යෙදෙන නිරීක්ෂණය කරන දෙයින් වෙන් වූ කෙනෙකු නැත. විග්රහ කිරීම එනම් විශ්ලේෂණය කිරීම ඇති ගවේෂණයට වඩා නිරීක්ෂණය සම්පූර්ණයෙන් වෙනස්. විශ්ලේෂණයේදී හැමවිටම විශ්ලේෂකයා සහ විශ්ලේෂණනය කිරීමට යන දේ තිබෙනවා. ගවේෂණය කිරීමේදී හැමවිටම ගවේෂණය කරන කෙනෙකු සිටිනවා. නිරීක්ෂණයේදී අඛණ්ඩ ඉගෙනගැනීමක් තිබෙනවා. අඛණ්ඩ එක්රැස් කිරීමක් නොවේ. මං හිතනවා ඔබට වෙනස වැටහෙනවා කියල. එවන් ඉගෙනගැනීමක් කරුණු රැස්කර එම රැස්කරගත් කරුණු මත සිතීමට සහ ක්‍රියාකිරීමට කරන ඉගෙනීමකට වඩා වෙනස්. විමසීමක් තර්කානුකූල, ව්‍යාකූල නොවන, හේතු සාධක සහිත එකක් වීමට පුළුවන. නමුත් නිරීක්ෂකයකු නොමැතිව නිරීක්ෂණය කිරීම හාත්පසින්ම වෙනස් වේ.
අත්දැකීම් පිළිබඳ ප්රශ්නය ද තිබේ. ඇයි අපි අත්දකින්නේ? ඔබ කිසිවිටෙක ඒ සම්බන්ධව සිතා තිබෙනවාද? අපට හැමවිටකම අත්දැකීම් ලැබෙනවා. මේවා ගැන අප එක්කෝ අවිධිමත්, එසේත් නැත්නම් අවිධිමත් නැහැ. තවද අපට වඩා ගැඹුරු, පුළුල් අත්දැකීමක් ලැබීමට අවශ්‍ය කරනවා. ගුප්ත, හෘදයංගයෙන් සියල්ල අභිබවන, දිව්‍යමය, ආධ්‍යාත්මික අත්දැකීම් ඇතිවන, අත්දැකීම් ලැබීමට අපට අවශ්‍ය කරනවා. ඇයි? ඒ අපගේ ජීවිතය කිසි කමකට නැති, දුක්ඛිත කුඩා නොවැදගත් එකක් වන නිසා නොවේද? අපට ඒ සියල්ල අමතක කර සම්පූර්ණයෙන්ම වෙනස් තලයකට යාමට අවශ්‍ය කරනවා. අතොරක් නැති ප්රශ්නවල ගැලී ඇති, පටු, පීඩාවට පත්, බියෙන් සිටින මනසක් එහිම ප්‍රක්ෂේපණයන් සහ ක්රෑරත්වයෙන් මිදීම ක්රියාකාරිත්වයන්ට අමතර යමක් අත්දැකිය හැක්කේ කෙසේද?
මේ වඩා ශ්‍රේෂ්ඨ අත්දැකීම් සඳහා වූ තදබල ඉල්ලීම, ආශාව, ඇත්ත තත්ත්වයෙන් පලා යාමකි. ඒ වුවද ඒ ඇත්ත තත්ත්වය හරහාම තමා ජීවිතයේ ඇති බෙහෙවින්ම අබිරහස් වූ දෙයට එළඹෙන්නේ. අත්දැකීමේදී හඳුනාගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඔබ යමක් හඳුනාගන්නවා යන්නෙන් අදහස් වන්නේ ඔබ එය ඊට පෙර දැන සිටිය බවයි. අත්දැකීම් සාමාන්‍යයෙන්, අතීතයෙන් එන දෙයකි. කිසිදු අලුත් දෙයක් එහි නැහැ. ඉතින් නිරීක්ෂණය කිරීම සහ අත්දැකීමට තිබෙන ආශාව අතර වෙනසක් තිබෙනවා.
අතිශයින් සියුම් වූ, බොහෝ අභ්‍යන්තරික අවධානයක් අවශ්‍ය වන මේ සියල්ල පැහැදිලි නම්, එවිට අපට අපේ මුලින් නැගූ ප්‍රශ්නයට ඒමට හැකිවනවා. භාවනාව යනු කුමක්ද? භාවනාව ගැන බොහෝ දේ කියා තිබෙනවා. බොහෝ ග්රන්ථ මේ සම්බන්ධව ලියා තිබෙනවා. ඔබට භාවනා කරන්නේ කෙසේද කියා උගන්වන ශ්‍රේෂ්ඨ (මා දන්නේ නැහැ ඒ අය ශ්‍රේෂ්ඨ ද කියා) යෝගීවරු සිටිනවා. මුළු ආසියාතිකරයම භාවනාව ගැන කතා කරනවා. එය ඒගොල්ලන්ගෙ එක් පුරුද්දක්. එය දෙවියන් වහන්සේ හෝ අන් යමක් ගැන විශ්වාස කරන පුරුද්දක් මෙන් ඔවුන්ගේ පුරුද්දකි. ඔවුන් නිහඬ කාමරයක දවසට මිනිත්තු දහයක් වාඩි වී භාවනා කරනවා. සිත යමකට යොමු කරනවා. තමා විසින් නිර්මාණය කරන ලද හෝ අන් අයකු විසින් ප්‍රචාරය කර ඉදිරිපත් කරන ලද ප්‍රතිරූපයක් මත ඔවුන් ඔවුන්ගේ මනස ඒකාග්රව තබනවා. ඒ මිනිත්තු දහය තුළ ඔවුන් මනස පාලනය කිරීමට උත්සාහ කරනවා. මනසට නොයෙකුත් දෙසට යාමට වුවමනා අතර ඔවුන් ඒ සමග අරගල කරනවා. ඒ ක්‍රීඩාව ඔවුන් සීමාවක් නොමැතිව කරනවා. ඔවුන් භාවනාව කියා කියන්නේ එයටයි.
අප භාවනාව ගැන කිසිම දෙයක් නොදන්නේ නම් එවිට අපට එය කුමක්ද කියා සොයා බැලීමට සිදුවෙනවා. යම් අයෙකුට අනුව නොව සැබැවින්ම එය කුමක්ද කියා. එසේ බැලීම අපව කිසිම දේකට යොමු කරවනවා විය නොහැකියි. නැතහොත් සියලු දේ වෙත යොමු කරවනවා විය හැකියි. කිසිදු බලාපොරොත්තුවකින් තොරව අප විමසිය යුතුයි, ඒ ප්රශ්නය නැගිය යුතුයි.
නොයෙකුත් අදහස් ප්රක්ෂේපණය කරමින්, පරස්පර විරෝධීව ජීවත් වෙමින්, නිරන්තර ඝට්ටනයේ සහ සංසන්දනයේ යෙදෙමින් දොඩමළුව සිටින මනස නිරීක්ෂණය කිරීම සඳහා මා පැහැදිලිවම ඉතාමත් නිශ්චල විය යුතුයි. ඔබ පවසන දෙයට සවන් දීමට මට අවශ්‍ය නම් මා අවධානය දිය යුතුයි. මා දොඩමළුව අන් යමක් ගැන සිතමින් සවන් දිය නොහැකියි. මා ඔබ පවසන දේ මා දැනටමත් දන්නා යමක් සමග සංසන්දනය නොකළ යුතුයි. මම ඔබට සම්පූර්ණයෙන් අවධානය දිය යුතුයි. මනස සාවධාන විය යුතුයි. නිහඬ විය යුතුයි. නිශ්චල විය යුතුයි.
ප්රචණ්ඩබවේ සම්පූර්ණ ව්‍යුහයම දැකීම අත්‍යවශ්‍යයි. ප්‍රචණ්ඩබව නිරීක්ෂණය කිරීමේදී මනස සම්පූර්ණයෙන්ම නිශ්චල වෙනවා. ඔබට නිශ්චල මනසක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නැහැ. නිශ්චල මනසක් වර්ධනය කරගන්නවා යන්නෙන් කාලය ඔස්සේ තමන්ම ලබාගත යුතු නිශ්චල මනසක් වර්ධනය කරන යමෙකු ගැන කියවෙනවා. බලන්න තිබෙන දුෂ්කරතාව. භාවනාව උගැන්වීමට උත්සාහ කරන අය පවසනවා, ‘ඔබගේ මනස පාලනය කරන්න. ඔබගේ මනස සම්පූර්ණයෙන්ම නිශ්චල කරන්න’ යැයි කියා. ඔබ එය පාලනය කිරීමට උත්සාහ කර අතොරක් නොමැතිව එය සමග අරගල කරනවා. ඔබ එය පාලනය කරමින් වසර 40 ක් ගත කරනවා. නිරීක්ෂණය කරන මනසක් පාලනය කරන්නේ නෑ. අතොරක් නොමැතිව අරගල කරන්නේ නැහැ.
දැකීම හෝ සවන්දීම යන සංසිද්ධියම අවධානයයි. මෙය ඔබට කිසිසේත් පුහුණු කිරීමට අවශ්‍ය නැහැ. ඔබ පුහුණු කිරීමට ගතහොත් ඔබ වහා අනවධානයට පත්වෙනවා. ඔබ අවධානයෙන් සිටින අතර ඔබගේ මනස ඉබාගාතේ යනවා. එවිට ඔබ අනවධානයෙන් බව දකින්න, ඒ ගැන අවදි වන්න. ඒ අනවධානය ගැන අවදිවීම අවධානයයි. අනවධානය සමග සටන් කරන්න එපා. ‘මා අවධානයෙන් යුක්ත විය යුතුයි’ කියමින් උත්සාහ කරන්න එපා. එය බොළඳ ක්‍රියාවක්. ඔබ අනවධානරයන් බව දකින්න. අන් යමකට අපේක්ෂාවකින් තොරව ඔබ අනවධානයෙන් බව දකින්න. කුමක් වෙනවාද? ඒ අනවධානයේදී ක්‍රියාවක් සිදුවන විට ඒ ක්‍රියාව ගැන අවදිවන්න. ඔබට මෙය වැටහෙනවාද? එය ඉතාමත් සරලයි. ක්රෑරත්වයෙන් මිදීම ඔබ එය කළහොත් එය ඉතාමත් පැහැදිලි වෙනවා. පැහැදිලි වතුර මෙන් පැහැදිලි වනවා. මනසේ නිහඬ බවම අලංකාරයක්. කුරුල්ලෙකුට, මිනිසෙකුගේ හඬට, දේශපාලනඥයකුට, පූජකයකුට, පවතින සියලුම ප්රචාරයන්ට සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සවන් දීමේදී සිදුවන්නේ තවත් වඩාත් ඇසෙන්නට ගැනීමයි, තව තවත් දැකීමයි. ඔබගේ ශරීරය සම්පූර්ණයෙන් අචල නොමැති නම් එවන් නිශ්ශබ්දතාවයක් තිබිය නොහැකියි. නොසන්සුන් අංග චලනය කිරීම, ඇඟිලි මෙන්ම ඇස් ඉවරයක් නැතිව චලනය කිරීම ආදී නොසන්සුන්තාවයන්ගෙන් යුත් ශරීරයේ සියලු ස්නායු ප්‍රතිචාර සම්පූර්ණයෙන්ම නිශ්චල විය යුතුයි. ඇස් සහ ශරීරයේ කිසිදු චලනයක් නොමැතිව සම්පූර්ණයෙන් අචලව හිඳ සිටීමට ඔබ කිසිවිටෙක උත්සාහ කර තිබේද? මිනිත්තු දෙකකට එය කරන්න. ඔබ බැලීමට දන්නවා නම් ඒ මිනිත්තු දෙකේ දී සියලුම දේ පැහැදිලි වී යනවා.
ශරීරය අචල නිසා මොළයට යන ලේ ප්‍රවාහය වැඩි වෙනවා. නමුත් ඔබ උදාසීනව නැමී වාඩි වී සිටිනවා නම් එවිට මොළයට ලේ ගමන් කිරීම වඩා අපහසු වෙනවා. ඔබ මේ සියල්ල දැනගත යුතුයි. නමුත් අනෙක් අතට ඔබට ඕනෑම දෙයක් කරන අතර භාවනා කළ හැකියි. ඔබ බසයක සිටින විට හෝ රිය පදවමින් සිටින විට. ඔබ රිය පදවමින් සිටියදී භාවනා කිරීමට හැකිවීම ඉතාමත් සුවිශේෂ දෙයකි - ප්‍රවේශමෙන් - මා මෙහිදී ඇත්තටම ඔබට පැවසිය යුතුයි. ශරීරයට එහිම ආවේණික බුද්ධිය තිබෙනවා. මෙය සිතිවිලි විනාශ කර දමා තිබෙන්නේ. සිතිවිලි ආස්වාදය සොයනවා. ඒ නිසා සිතිවිලි නිදහසේ භුක්ති විඳීමට, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමට, නිදහසේ කාමුක ක්‍රියාවල යෙදීමට, යොමු කරනවා. සිතිවිලි ශරීරයට යම් යම් දේ කිරීමට බල කරනවා. ශරීරය උදාසීන නම් එය බලකරනවා උදාසීන නොවී සිටීමට. නැතහොත් අවදිව සිටීමට පෙත්තක් භාවිත කිරීමට එය යෝජනා කරනවා. ඒ ආකාරයට ශරීරයේ ස්වභාවික බුද්ධිය විනාශ වී යන අතර ශරීරය අසංවේදී වෙනවා. අපට අති මහත් සංවේදිතාවයක් අවශ්‍ය වෙනවා. එබැවින් අප, අප මොනවාද අනුභව කරන්නේ කියා සිහියෙන් සිටිය යුතුයි. අප වැඩියෙන් අනුභව කළහොත් අප දන්නවා කුමක්ද සිදුවන්නේ කියා. අතිශය ලෙස සංවේදී විට බුද්ධිය ඒ සමග ඇතිවනවා. එබැවින් ආදරය එහිදී තිබෙනවා. ආදරය එවිට ප්‍රීතිය වන අතර එය කාලයෙන් තොරයි.
අප බොහෝ දෙනෙකුට යම් හෝ ආකාරයකින් ශාරීරික වේදනා තිබෙනවා. ඒ වේදනාව සාමාන්‍යයෙන් මනස අවුල් කරනවා. මනස දවස් ගණන්, අවුරුදු ගණන්, ‘මට එය නොතිබුණා නම් හොඳයි’, ‘මා කිසි දවසක හෝ එයින් නිදහස් වෙයිද?’ යැයි සිතමින් අවුල්ව ගත කරනවා. මනසට වේදනාවක් ඇති විට එය නිරීක්ෂණය කරන්න. එය සිහියෙන් දකින්න. සිතිවිලිවලට එයට මැදිහත්වීමට ඉඩදෙන්න එපා.
මොළය සහ හෘදය ඇතුළුව මනස පරස්පර විරෝධතාවයකින් තොරව සම්පූර්ණයෙන්ම එක පද්ධතියක් ලෙස ක්‍රියා කළ යුතුයි. දැන් අතිශය ලෙස දුක් පීඩා ඇති ලොවක එලෙස සාමූහිකව එකට ක්‍රියාකරන පද්ධතියක් සහිත ජීවිතයක වැදගත්කම කුමක්ද? එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට මෙවන් අතිශය ප්‍රීති උද්දාමයක් ඇති නම් එහි වැදගත්කම කුමක්ද? මේ ප්රශ්නය ඇසීමේ තේරුම කුමක්ද? එය ඇසීමේ කිසිදු තේරුමක් නැහැ. ඔබට මේ සුවිශේෂී දෙය ඔබගේ ජීවිතය තුළ පවතිනවා නම් එය සියලු දේම වෙනවා. එවිට ඔබ ගුරුවරයා, ශිෂ්‍යයා, අසල්වැසියා, වලාකුළක අලංකාරය ආදි සියල්ල ඔබ වෙනවා. එවිට එය ආදරයයි.
ඉන්පසු භාවනාවට සම්බන්ධ තවත් කරුණක් තිබෙනවා. අවදියෙන් සිටින විට ඇති මනස, එනම් පුහුණුව ලබා ඇති ආකාරය ඔස්සේ ක්‍රියාකරන මනස වන එදිනෙදා කටයුතුවල නිරත උඩු සිත, ඒ ක්රියාකාරිත්වයන් නින්දේදී සිහින ලෙස තවදුරටත් කරගෙන යනවා. නින්දේදී යම් හෝ ආකාරයක ක්‍රියා කිරීමක් තිබෙනවා, යම් සිදුවීමක්. එම ක්‍රියාව, එම සිදුවීම, අවදිව සිටි කාලසීමාවේ කළ කටයුතු නින්දේදී තවදුරට කරගන යෑමක් වෙනවා. සිහින පිළිබඳ බොහෝ අබිරහස් අදහස් තිබෙනවා. සිහින පරිවර්තනය කළ යුතුයි ආදී වශයෙන්. එබැවින්ය සිහින පරිවර්තනය කරන වෘත්තීයවේදීන් සිටින්නේ. මෙය ඔබටම ඉතාමත් සරලව ඔබගේ ක්රෑරත්වයෙන් මිදීම අවදිව සිටින දිවා කාලය තුළ ඔබව නිරීක්ෂණය කිරීමෙන් කළ හැකියි. එනමුදු සිහින කිසිසේත්ම පෙනෙන්නේ ඇයි? (මනෝ විද්‍යඥයින් ඔබට සිහින තිබිය යුතුයි, නැතහොත් ඔබ මානසික රෝගී තත්ත්වයට පත්විය හැකියි යැයි පැවසුව ද මේ ප්රශ්නය නැගිය යුතුයි.) එනමුදු ඔබ ඔබගේ අවදිව සිටි හෝරා කිහිපය තුළ ඔබගේ සියලුම ආත්ම කේන්ද්‍රීය ක්‍රියාකාරකම්, බියවීම්, නොසන්සුන්තාවයන්, පශ්චාත්තාපයන් ඉතාමත් සමීපව නිරීක්ෂණය කළ විට, ඔබ ඒ සියල්ලටම දවස මුළුල්ලේ අවධානය දුන් විට, ඔබ නිදාගත් විට ඔබට සිහින නොපෙනෙන බව ඔබට දැකීමට හැකිවනු ඇත. මනස සිතිවිලිවල සියලුම චලිතයන් නිරීක්ෂණය කරමින් සිට තිබෙනවා. එහි සියලුම වචනවලට අවධානය දෙමින් සිට ඇත. ඔබ එය කළහොත් ඔබ එහි ඇති අලංකාරය දකිනු ඇත. නිරීක්ෂණය කිරීමේ වෙහෙසකාරී නීරසකම නොව නිරීක්ෂණය කිරීමේ අලංකාරය දකිනු ඇත. එවිට ඔබට නින්දේ දී අවධානය තිබෙන බව දක්නට ලැබෙනු ඇත. තවද මේ පැය තුළ දී අප කථා කළ දෙය වන භාවනාව උදාර බවෙන්, ලාලිත්‍යයෙන් සහ අලංකාරයෙන් පිරි අර්ථවත් දෙයක් වෙනවා. අප අවධානය කුමක් ද කියා වටහාගත් විට-අවධි පැය කීපය තුළ ඇති අවධානය පමණක් නොව නින්දේදී ද ඇති අවධානය කුමක් ද කියා තේරුම් ගත් විට, සම්පූර්ණ මනස ම අවධි වෙනවා. එතැන් සිට ඕනෑම ආකාරයකට විස්තර කිරීමක් විස්තර කරන ලද දෙය වෙන්නේ නෑ. ඔබ ඒ අවස්ථාව ගැන කථා කරන්නේ නැහැ. යමෙකුට කළ හැක්කේ දොර ඇති දිශාව පෙන්වා දීම පමණයි. ඔබ යෑමට කැමති නම් ඒ දොර වෙත චාරිකා කරන්න. ඉන් පසු එයින් ඔබ්බට ඇවිද යාම ඔබ සතු කාර්යයකි. කිසිවකුට ඒ නම් නොකළ හැකි දෙය විස්තර කළ නොහැකියි. ඒ දෙය කිසිවක් නොවනවා හෝ සියලු දේම වෙනවා යන කරුණ අදාළ නොවේ. එය විස්තර කරන තැනැත්තා එය දන්නේ නෑ. තවද තමා දන්නවා යැයි පවසන තැනැත්තා දන්නේ නැහැ.
ප්‍රශ්නකරු: නිශ්චල බව කුමක් ද? නිහඬතාව කුමක් ද? එය ශබ්දය අහවර වීම ද?
ක්රිෂ්ණමූර්තීහු: ශබ්දය අපූර්ව දෙයක්. ඔබ කිසිවිටෙක ශබ්දවලට ඇහුම්කම් දෙනවා ද කියා මං දන්නේ නැහැ. ඔබ කැමති හෝ අකමැති ශබ්දයකට ඇහුම්කම් දීම නොව හුදෙක් ශබ්දයකට ඇහුම්කම් දීමෟ ශබ්ද අවකාශයේ පැවතීමේ දී සුවිශේෂී බලපෑමක් ඇති කරනවා. ඉහළ අහසේ පියාසර කරන අහස් යාත්‍රාවකට ඔබ සවන් දී තිබෙනවා ද? කිසිම ප්‍රතිරෝධයක් නොදක්වා ඔබ ඒ ගැඹුරු ශබ්දයට සවන් දී තිබෙනවා ද? ඔබ එයට සවන් දී ශබ්දය සමඟ ගමන් කරන තිබෙනවා ද? එහි එක්තරා දෝංකාරයක් තිබෙනවා.
දැන් නිහැඬියාව යනු කුමක් ද? ශබ්දය පාලනය කරමින්, මර්දනය කරමින් ඔබ ඇති කරන අවකාශයට ද නිහැඬියාව කියන්නේ. මොළය යම් බාහිර අරමුණකට ප්‍රතිචාර දක්වමින් ඒ ශබ්දයත් සමඟ සැම විටම ක්‍රියාකාරීයි. ඉතින් නිහැඬියාව යනු කුමක් ද? ඔබට දැන් ප්රශ්නය වැටහෙනවා ද? නිහැඬියාව ඒ තමාම ඇති කරගත් ශබ්දය නිමා වීම ද? එය දොඩමළු බව, සෑම සිතිවිල්ලක්ම වචනයට නැඟීම, නිමා වීම ද? වචනයට ගොඩ නැඟීම තව දුරටත් නොමැතිව, සිතිවිලි පෙනෙන ආකාරයට අවසන් වූ පසුවද මොළය තවදුරටත් ක්‍රියා කරමින් පවතිනවා. ඒ නිසා නිහැඬියාව ශබ්ද අවසන් වීම පමණක් නොව සියලු චලනයන් සම්පූර්ණයෙන් අවසන් වීම ද? මෙය නිරීක්ෂණය කරන්න. මෙය තුළට ගොස් බලන්න. වසර මිලියන ගණනාවක හැඩගැස්මේ ඵලයක් වන ඔබගේ මොළය සෑම අරමුණකට ම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ආකාරය බලන්න. නිරතුරුව ක්‍රියාශීලී, දොඩමළු සහ ප්‍රතිචාර දක්වමින් සිටින ඒ මොළය අචල, නිශ්චල, විය හැකි ද කියා බලන්න.
මනස, මොළය, සම්පූර්ණ ශරීර පද්ධතිය වන මේ සම්පූර්ණ මනෝ විද්‍යාත්මකම පද්ධතියට සම්පූර්ණයෙන් ම නිශ්චල විය හැකි ද? ‘මා අතිශයින් ම ආශ්චර්ය ම අත්දැකීම ලැබීම සඳහා නිහඬ විය යුතුයි’ යැයි තණ්හාවෙන් පවසා බලයෙන් යොමු කිරීමකින්, තල්ලු කිරීමකින් තොරව නිහඬ විය හැකි ද? මෙය තුළට ගොස් ඔබගේ නිහැඬියාව හුදෙක් නිෂ්පාදනයක්, ප්‍රතිඵලයක්, පමණ ද නැතහොත් ඔබ අත්තිකාරම දමා ඇති නිසා ද කියා බලන්න. ඔබගේ මුළු සර්වාංගයේ ම පතුලින් ආදරය, සුචරිතය, යහපත් කම, අලංකාරය, සැබෑ කරුණාව යන අත්තිකාරම දමා නොමැති ක්රෑරත්වයෙන් මිදීම නම්, එය ඔබ කර නොමැති නම්, ඔබගේ නිහැඬියාව හුදෙක් ම ශබ්දය අහවර වීම පමණක් වේ.
තව ද මත්ද්‍රව්‍ය යන මුළු ප්රශ්නය ද තිබෙනවා. පැරණි කාලයේ ඉන්දියාවේ ‘සෝම’ (ිදප්) නමින් හැඳින්වුණ ද්‍රව්‍යයක් තිබුණා. එය එක්තරා හතු වර්ගයකි. එහි යුෂ ඔවුන් පානය කළා. මෙයින් නිසංසල බවක් හෝ තමාගේ හැඩගැස්මේ ප්‍රතිඵලයකින් ඇති වන නොයෙකුත් මායාකාරී අත්දැකීම් ඇති කළා. (සියලුම අත්දැකීම්, හැඩ ගැසීම්වල, ආභාසයන්වල, ප්‍රතිඵල. ඔබ දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා නම් ඔබට දෙවියන් ගැන අත්දකින්න ලැබෙනවා. නමුත් ඒ විශ්වාසය බය සහ වඳ වේදනාවන්වල ගැල් වූ ඝට්ටන මත පදනම් වී තිබෙන්නෙ. ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ම බියෙහි ප්රතිඵලයකි. ඉතින් දෙවියන් සම්බන්ධව ලබන අතිශය සුවිශේෂී අත්දැකීම අන් කිසිවක් නොව ඔබගේ ම ප්රක්ෂේපනයක්) නමුත් ඔවුන්ට ඒ සෝම කියන ඒ හතු වර්ගය ගැන වූ රහස අහිමි වුණා. ඉන් පසු ඉන්දියාවේ මෙන් ම මෙහිද හෂීෂ්, එල් එස්. ඩී, මර්ජුවානා, ආදී විවිධ මත් ද්‍රව්‍ය භාවිතය ඇති වුණා. ඔබ දන්නවානෙ දුම්කොළ, මද්‍යසාර, හෙරොයින් ආදී විවිධ දේ. තවද නිරාහාරව සිටීමත් තිබෙනවා. ඔබ කාල සීමාවකට නිරාහාරව සිටියහොත් එය යම් පැහැදිලිතාවයක් ඇති කරන අතර එය ප්‍රීතිමත් දෙයක් වෙනවා.
අපට මත්ද්‍රව්‍ය නොගෙන ලස්සන ජීවිතයක් ගත කළ හැකි නම් අප මත් ද්‍රව්‍ය ගන්නේ කුමට ද? නමුත් මේවා භාවිත කර ඇති අය අපට පවසනවා මෙයින් යම් වෙනස්කම්, යම් සජීවී බවක්, ඇති වෙනවා, ශක්තිය හටගෙන නිරීක්ෂකයා සහ නිරීක්ෂිතය අතර ඇති පරතරය නැති වී යනවා කියා. අප දකින දේවල් වඩාත් පැහැදිලිව පෙනෙනවා කියා එක් මත් ද්‍රව්‍ය භාවිත කරන්නෙක් ඔහු කෞතුකාගාරයකට යෑමට පෙර මේවා භාවිත කරන බව පවසනවා. මන්ද එවිට ඔහුට පාටවල් කිසි විටෙකටත් වඩා දීප්තිමත්ව පෙනෙනවාලු. නමුත් සම්පූර්ණ අවධානය දුන් විට ඒ පාටවල් එවන් දීප්තියකින් දැකීමට පුළුවන්. නිරීක්ෂකයා වන ඔබ සහ නිරීක්ෂණය කරන දේ අතර පරතරය නොමැතිව නිරීක්ෂණය කළ විට අපට එවන් දීප්තියකින් පාටවල් දැකීමට පුළුවනි. ඔබ මත්ද්‍රව්‍ය ගත් විට ඔබ ඒ මත යැපීමට පටන් ගන්නවා. ඉන් පසු යම් හෝ අවධියක එය අනේක විධි විනාශකාරී ප්‍රතිඵල ඇති කරනවා.
ඉතින් වඩාත් පුළුල් අත්දැකීමක් ලබා ගැනීම සඳහා ඇති ආශාව තෘප්තිමත් කිරීමට, ඔබට අවශ්‍ය සියලු දේ ඇති කර ගැනීමට, නිරාහාරව සිටීම සහ මත්ද්‍රව්‍ය ගැනීම යන ක්‍රියා මාර්ගවලින් හැකිය කියන විශ්වාසය තිබෙනවා. ඒ අවශ්‍ය කරන දෙය මහත් ආටෝපයක්. සුවිශේෂී යමක් ලෙස විශාල කර දක්වන නොගැඹුරු අත්දැකීමක්. එබැවින් මේ සියල්ල නිරීක්ෂණය කර ඇති ඥානාන්විත මිනිසකු සියලුම උත්තේජක ඉවතලනවා. ඔහු ඔහුව නිරීක්ෂණය කර තමාව අවබෝධ කරගන්නවා. තමාව අවබෝධ කර ගැනීම හෝ ආත්ම අවබෝධය ප්‍රඥාවේ ආරම්භය මෙන්ම දුකේ ද අවසානයයි.
ප්‍රශ්නකරු: නිවැරදි සබඳතාවලදී අපි ඇත්තටම අන් අයට උදව් කරනවා ද? අන් අයට ආදරය කිරීම ප්‍රමාණවත් ද?
ක්රිෂ්ණමූර්තීහු: සබඳතා යනු කුමක් ද? අප සබඳතා කියා අදහස් කරන්නේ කුමක් ද? අපි අති දුෂ්ට ලෙස මිස අන් ලෙසකින් කිසිවෙකුට සම්බන්ධ ද? අප ඒ ‘සම්බන්ධතා’ යන වචනයෙන් අදහස් කරන්නේ කුමක් ද? අප එකිනෙකා තනි වූ ජීවිත ගත කරන විට අප කිසිවකට සම්බන්ධ ද? හැම අතින් ම වෙන් කරන ලක්ෂණයක් වන තමාගේ ආශාවන් තෘප්තිමත් කර ගැනීම, තමාගේ කනස්සලු, තමාගේ බියවල්, තමාගේ ප්රශ්නවල එල්බ ගෙන සිටීම, යන තමා තනි කරන ආත්ම කේන්ද්‍රීය ක්‍රියාකාරකම්වල එල්බ සිටින විට අප කිසිවකට සම්බන්ධ ද? සැමියා තම බිරිඳට සම්බන්ධයි කියා පවසන කොට ඔහු එයට ප්රතිරූපයත් ඇතුළු කරනවා. ඒ ප්‍රතිරූපයි සබඳතා පවත්වන්නේ. ඒ සම්බන්ධතාවයට ආදරය කියා පවසනවාෟ සම්බන්ධයක් පවතින්නේ තම තමාව වෙන්කරන ක්‍රියාවලිය වන ප්රතිරූප අවසන් වූ විට පමණයි. ඔබට ඇය සඳහා අභිලාෂයක් නොමැති විට සහ ඇයට ඔබ සඳහා අභිලාෂයක් නොමැති විට. ඇය ඔබව අයත් කරගන්නේ හෝ ඔබ ඇයව අයත් කරගන්නේ නොමැති විට, නැතහොත් ඔබ හෝ ඇය එකිනෙකා මත යැපෙන්නේ නැති විට, පමණයි සම්බන්ධතා පවතින්නේ.
ක්රෑරත්වයෙන් මිදීම ආදරය ඇති විට ඔබ එය වැඩක්වනවාද නැද්ද කියා අසන්නේ නැහැ. පාර අද්දර ඇති සුගන්ධයෙන් යුත් ලස්සන මලක් ඔබ එය පසුකරගෙන යන විට ඔබට පැමිණ එහි සුවඳ බලන්න, ඒ දෙස බලන්න, එහි ආස්වාදය විඳින්න, එහි අලංකාරය දකින්න, එහි ඇති සියුම් බව, එහි වූ විනාශ වී යන ස්වභාවය දකින්න යැයි නොපවසයි. ඔබට බැලීමට හෝ නොබැලීමට එය එහි වෙයි. නමුත් ඔබ පැවසුවහොත් ‘මට තව අයකුට උදව් කිරීමට අවශ්‍යයි’ කියා එය බියෙහි පටන්ගැන්ම වෙනවා, දූෂණයේ ආරම්භය වෙනවා.
සැන්ඩියාගෝ, ප්‍රාන්ත විද්‍යාලය, 9 අප්‍රේල් 1970
WHAT IS MEDITATION? Before we go into that really quite complex and intricate problem we ought to be very clear as to what it is that we are after. We are always seeking something, especially those who are religiously minded; even for the scientist, seeking has become quite an issue - seeking. This factor, of seeking, must be very clearly and definitely understood before we go into what meditation is and why one should meditate at all, what is its use and where does it get you.
The word `seek' - to run after, to search out - implies, does it not, that we already know, more or less, what we are after. When we say we are seeking truth, or we are seeking God - if we are religiously minded - or we are seeking a perfect life and so on, we must already have in our minds an image or an idea. To find something after seeking it, we must already have known what its contour is, its colour, its substance and so on. Is there not implied in that word, `seeking', that we have lost something and we are going to find it and that when we find it we shall be able to recognise it - which means that we have already known it, that all we have to do is to go after it and search it out?
In meditation the first thing we realize is that it is no use to seek; for what is sought is predetermined by what you wish; if you are unhappy, lonely, in despair, you will search out hope, companionship, something to sustain you, and you will find it, inevitably.
In meditation, one must lay the foundation, the foundation of order, which is righteousness - not respectability, the social morality which is no morality at all, but the order that comes of understanding disorder: quite a different thing. Disorder must exist as long as there is conflict, both outwardly and inwardly. Order, which comes of understanding disorder, is not according to a blueprint, according to some authority, or your own particular experience. Obviously this order must come about without effort, because effort distorts - it must come about without any form of control.
We are talking about something very difficult in saying that we must bring about order without control. We must understand disorder, how it comes into being; it is the conflict which is in ourselves. In observing it, it is understood; it is not a matter of overcoming it, throttling it, suppressing it. To observe without any distortion, without any compulsive or directive impulse, is quite an arduous task.
Control implies either suppression, rejection or exclusion; it implies a division between a controller and the thing controlled; it implies conflict. When one understands this, control and choice come totally to an end. All this may seem rather difficult and rather contradictory to everything you have thought about. You may say: how can there be order without control, without the action of will? But, as we have said, control implies division, between the one who controls and the thing that is to be controlled; in this division there is conflict, there is distortion - When you really understand this, then there is the ending of the division between the controller and the controlled and therefore comprehension, understanding. When there is understanding of what actually is, then there is no need for control. So there are these two essential things that must be completely understood if we are to go into the question of what meditation is: first, there is no use in seeking; second, there must be that order which comes from the understanding of disorder which comes from control, with all the implications of the duality and the contradiction which arises between the observer and the observed.
Order comes when the one who is angry and tries to get rid of anger sees that he is anger itself. Without this understanding you really cannot possibly know what meditation is. Do not fool yourself with all the books written about meditation, or with all the people who tell you how to meditate, or the groups that are formed in order to meditate. For if there is no order, which is virtue, the mind must live in the effort of contradiction. How can such a mind be aware of the whole implication of meditation?
With one's whole being one must come upon this strange thing called love - and therefore be without fear. We mean love that is not touched by pleasure, by desire, by jealousy love that knows no competition, that does not divide, as my love and your love. Then the mind - including the brain and the emotions - is in complete harmony; and this must be, otherwise meditation becomes self- hypnosis.
You must work very hard, to find out the activities of your own mind, how it functions, with its self-centred activities, the `me' and the `not me; you must be quite familiar with yourself and all the tricks that the mind plays upon itself, the illusions and the delusions, the imagery and the imagining of all the romantic ideas that one has. A mind that is capable of sentimentality is incapable of love; sentiment breeds brutality, cruelty and violence, not love.
To establish this deeply in yourself is quite arduous; it demands a tremendous discipline, to learn by observing what is going on in yourself. That observation is not possible if there is any form of prejudice, conclusion or formula, according to which you are observing. If you are observing according to what a psychologist has said to you, you really are not observing yourself, therefore there is no self-knowing.
You need a mind that is able to stand completely alone - not burdened by the propaganda or the experiences of others. Enlightenment does not come through a leader or through a teacher; it comes through the understanding of what is in yourself - not going away from yourself. The mind has to understand actually what is going on in its own psychological field; it must be aware of what is going on without any distortion, without any choice, without any resentment, bitterness, explanation or justification - it must just be aware.
This basis is laid happily, not compulsively, but with ease, with felicity, without any hope of reaching anything. If you have hope, you are moving away from despair; one has to understand despair, not search out hope. In the understanding of `what is' there is neither despair nor hope. Is all this asking too much of the human mind? Unless one asks what may appear to be impossible, one falls into the trap, the limitation, of what is thought to be possible. To fall into this trap is very easy. One has to ask the utmost of the mind and the heart, otherwise one will remain in the convenient and the comfortable possible.
Now are we together still? Verbally, probably we are; but the word is not the thing; what we have done is to describe, and the description is not the described. If you are taking a journey with the speaker you are taking the journey actually, not theoretically, not as an idea but as something that you yourself are actually observing - not something you are experiencing; there is a difference between observation and experience.
There is a vast difference between observation and experience. In observation there is no `observer' at all, there is only observing; there is not the one who observes and is divided off from the thing observed. Observation is entirely different from the exploration in which analysis is involved. In analysis there is always the `analyser' and the thing to be analysed. In exploring there is always an entity who explores. In observation there is a continuous learning, not a continuous accumulation. I hope you see the difference. Such learning is different from learning in order to accumulate so that from that accumulation one thinks and acts. An enquiry may be logical, sane and rational, but to observe without the `observer' is entirely different.
Then there is the question of experience. Why do we want experience? Have you ever thought about it? We have experience all the time, of which we are either cognizant or ignorant. And we want deeper, wider, experiences - mystical, profound, transcendental, godly, spiritual - why? Is it not because one's life is so shoddy, so miserable, so small and petty? One wants to forget all that and move into another dimension altogether. How can a petty mind, worried, fearful, occupied with problem after problem, experience anything other than its own projection and activity?
This demand for greater experience is the escaping from that which actually is; yet it is only through that actuality that the most mysterious thing in life is come upon. In experience is involved the process of recognition. When you recognise something, it means you have already known it. Experience, generally, is out of the past, there is nothing new in it. So there is a difference between observation and the craving for experience.
If all this, that is so extraordinarily subtle, demanding great inward attention, is clear, then we can come to our original question: what is meditation? So much has been said about meditation; so many volumes have been written; there are great (I do not know if they are great) yogis who come and teach you how to meditate. The whole of Asia talks about meditation; it is one of their habits, as it is a habit to believe in God or something else. They sit for ten minutes a day in a quiet room and `meditate', concentrate, fix their mind on an image, an image created by themselves, or by somebody else who has offered that image through propaganda. During those ten minutes they try to control the mind; the mind wants to go back and forth and they battle with it - that game they play everlastingly; and that is what they call meditation.
If one does not know anything about meditation, then one has to find out what it is, actually - not according to anybody - and that may lead one to nothing or it may lead one to everything. One must enquire, ask that question, without any expectation.
To observe the mind - this mind that chatters, that projects ideas, that lives in contradiction, in constant conflict and comparison - I must obviously be very quiet. If I am to listen to what you are saying I must give attention, I cannot be chattering, I cannot be thinking about something else, I must not compare what you are saying with what I already know, I must listen to you completely; the mind must be attentive, must be silent, quiet.
It is imperative to see clearly the whole structure of violence; looking at violence the mind becomes completely still - you do not have to `cultivate' a still mind. To cultivate a still mind implies the one who cultivates, in the field of time, that which he hopes to achieve. See the difficulty. Those who try to teach meditation, say, `Control your mind, make your mind absolutely quiet'. You try to control it and everlastingly battle with it; you spend forty years controlling it. The mind that observes does not control and everlastingly battle.
The very act of seeing or listening is attention; this you do not have to practise at all; if you practise, you immediately become inattentive. You are attentive and your mind wanders off; let it wander off, but know that it is inattentive; that awareness of that inattention is attention. Do not battle with inattention; do not try, saying, `I must be attentive' - it is childish. Know that you are inattentive; be aware, choicelessly, that you are inattentive - what of it? - and at the moment, in that inattention, when there is action, be aware of that action. Do you understand this? It is so simple. If you do it, it becomes so clear, clear as the waters. The silence of the mind is beauty in itself. To listen to a bird, to the voice of a human being, to the politician, to the priest, to all the noise of propaganda that goes on, to listen completely silently, is to hear much more, to see much more. Such silence is not possible if your body is not also completely still. The organism, with all its nervous responses - the fidgeting, the ceaseless movement of fingers, the eyes - with all its general restlessness, must be completely still. Have you ever tried sitting completely still without a single movement of the body, including the eyes? Do it for two minutes. In those two minutes the whole thing is revealed - if you know how to look.
The body being still, the flow of blood to the head becomes more. But if you sit crouched and sloppy, then it is more difficult for the blood to go to the head - you must know all this. But, on the other hand, you can do anything and meditate; when in the bus, or when you are driving - it is the most extraordinary thing, that you can meditate while you are driving - be careful, I mean this. The body has its own intelligence, which thought has destroyed. Thought seeks pleasure, and in this way thought leads to indulgence, overeating, indulging sexually, it compels the body to do certain things - if it is lazy, it forces it not to be lazy, or it suggests taking a pill to keep awake. That way the innate intelligence of the organism is destroyed and it becomes insensitive. One needs great sensitivity, therefore one has to watch what one eats - if one overeats, one know what happens. When there is great sensitivity, there is intelligence and therefore love; love then is joy and timeless.
Most of us have physical pain, in some form or another. That pain generally disturbs the mind which spends days, even years, thinking about it - 'I wish I did not have it', 'Shall I ever be without it?' When the body has pain, watch it, observe it, do not let thought interfere with it.
The mind, including the brain and the heart, must be in total harmony. Now, what is the point of all this, this kind of life, this kind of harmony, what good is it in the world, where is so much suffering? If one or two people have this ecstatic life, what is the point of it? What is the point of asking this question? - it has none whatsoever. If you do have this extraordinary thing going in your life, then it is everything; then you become the teacher, the disciple, the neighbour, the beauty of the cloud - you are all that, and that is love.
Then comes another factor in meditation. The waking mind, the mind that is functioning during the day along the lines in which it has been trained, the conscious mind with all its daily activities, continues these activities during sleep in dreams. In dreams there is action going on, of some kind or other, some happening, so that your sleep is a continuation if the waking hours. And there is a lot of mysterious hocus-pocus about dreams - that they need to be interpreted, hence all the professionals interpreting dreams - which you can observe yourself very simply, if you watch your life during the daytime. Yet why should there be dreams at all? (Though the psychologists say that you must have dreams, otherwise you will go insane.) But when you have observed very closely your waking hours, all your self-centred activities, the fearful, the anxious, the guilty, when you are attentive to that all day then you will see when you sleep, you have no dreams. The mind has been watching every moment of thought, attentive to its every word, if you do it, you will see the beauty of it - not the tired boredom of watching, but the beauty of watching; you will see then that there is attention in sleep. And meditation, the thing that we have talked about during this hour, becomes extraordinarily important and worthwhile, full of dignity and grace and beauty. When you understand what attention is, not only during waking hours but also during sleep, then the whole of the mind is totally awake. Beyond that, every form of description is not the described; you do not talk about it. All that one can do is point to the door. And if you are willing to go, take a journey to that door, then it is for you to walk beyond; nobody can describe the thing that is not nameable, whether that nameable is nothing or everything - it does not matter. Anybody who describes it does not know. And one who says he knows, does not know.
Questioner: What is quietness, what is silence? Is it the ending of noise?
Krishnamurti: Sound is a strange thing. I do not know if you ever listen to sound - not to sounds which you like or do not like - but just to listen to a sound! Sound in space has an extraordinary effect. Have you ever listened to a jet plane that is passing overhead? - have you, to the deep sound of it, without any resistance? Have you listened and moved with that sound? It has a certain resonance.
Now, what is silence? - is it the 'space' you produce, which you call silence, by control, by suppressing noise? The brain is all the time active, responding to stimuli with its own noise. So what is silence? You understand the question now? Is silence the cessation of that self-created noise? - is it the cessation of chattering, of verbalization, of every thought? Even when there is no more verbalization and thought seemingly comes to an end, the brain is still going on. Is not silence therefore not only the end of noise but the complete cessation of all movement? Observe it, go into it, see how your brain, which is the result of millions of years of conditioning, is responding to every stimulus instantly; see whether those brain cells, everlastingly active, chattering, responding, can be still.
Can the mind, the brain, the whole organism, this total psychosomatic thing, be completely still? - not forced, not compelled, not driven, not out of greed saying `I must be still in order to have the most marvellous experience'? Go into it, find out and see whether your silence is a mere product, or whether it is perhaps because you have laid the foundation. If you have not laid the foundation, which is love, which is virtue, which is goodness, which is beauty, which is real compassion in the depth of your whole being, if you have not done that, your silence is only the ending of noise.
Then there is the whole problem of drugs. In India, in ancient times, there used to be a substance called `soma'. It was a kind of mushroom of which they drank the juice which produced either tranquillity or all kinds of hallucinatory experiences; those experiences being the result of conditioning. (All experiences are the result of conditioning; if you believe in God, obviously you have the experience of God; but that belief is based on fear and all the agony of conflict; your god is the result of your own fear. And so the most marvellous experience of God is nothing but your own projection.) But they lost the secret of that mushroom, that particular thing called soma. Since then, in India, as here, there are various drugs, hashish, L.S.D., marihuana, you know the multiplicity of them all, tobacco, drink, heroin. Also there is fasting. If you fast, certain chemical actions take place producing a certain clarity and there is delight in that.
If one can live a beautiful life without taking drugs, why take them? But those who have taken them tell us that certain changes take place; a certain vitality, an energy arises and the space between the observer and the observed disappears; things are seen much more clearly. One drug taker says he takes them when he goes to a museum, for then he sees colours more brilliantly then ever before. But you can see those colours in such brilliance without the drug when you pay complete attention, when you observe without the space between you the observer and the thing observed. When you take drugs you depend on them, and sooner or later they have all kinds of disastrous effects.
So there it is - fasting, drugs, which it is hoped will satisfy the desire for great experience, which will produce everything that you want. And what is wanted is such a tawdry affair; some petty little experience, which is blown up into something extraordinary. So a wise man, a man who has observed all this, puts aside all the stimulants; he observes himself and knows himself. The knowing of himself is the beginning of wisdom and the ending of sorrow.
Questioner: In right relationship, do we really help others? Is it sufficient to love them?
Krishnamurti: What is relationship? What do we mean by relationship? Are we related to anybody? - except sanguinary relationship. What do we mean by that word `relationship'? Are we ever related to anything when each one of us lives a life of isolation - isolation in the sense of self-centred activity, each with his own problems, his own fears, his own despairs, his desire to fulfil - all enclosing properties. If he is, so-called, related to his wife, he has added images. It is these images that have relationship, and that relationship is called love! Relationship exists only when the image, the isolating process, comes to an end, when you have no ambition for her and she has no ambition for you, when she does not possess you or you possess her, or you depend on her or she on you.
When there is love you will not ask whether it helps or not. A wayside flower, with its beauty, with its perfume, is not asking you who are passing by to come and smell it, to look at it, to enjoy it, to see the beauty, the delicacy, the perishable nature of it - it is there for you to look or not to look. But if you say `I want to help another', that is the beginning of fear, the beginning of mischief.