ලෝකය ජාතිකත්වයන් ලෙස බෙදී පවතින තාක් කල්, එය ආගම්, විශ්වාසයන් සහ මතවාදයන් මගින් බෙදී පවතින තාක් කල් කිසිසේත් ම සාමයක් ඇති විය නොහැක. සාමය ඇති විය හැක්කේ සියලු ජාතිකවාදයන් අවසන් වූ විටත්, මිනිසා බෙදා වෙන් කරන සියලු විශ්වාසයන් අවසන් වූ විටත් පමණි. මෙය සිදුවිය හැක්කේ සිත සියලු මානසික හැඩගැසීම්වලින් නිදහස් වූ විට පමණි. එනම්, සිත තවදුරටත් ඇමරිකාව හෝ රුසියාව, කොමියුනිස්ට්වාදියා, සමාජවාදියා හෝ ධනවාදියා, කතෝලිකයා, ප්රොතෙස්තන්තවාදියා හෝ හින්දුවා යන ආකාරයෙන් නොසිතන විට ය. අප ඉදිරියේ ඇති බොහෝ ගැටලු සමඟ කටයුතු කළ හැක්කේ මනුෂ්‍යයන් ලෙස ඒවාට ප්‍රවේශ වන විට පමණි. එනම්, පරම්පරා ගණනාවක් තිස්සේ වර්ධනය කරගත් මෙම කිසිදු රටාවකට අප හැඩගැසී නොසිටින විට ය. සිත තමන් වටා ගොඩනගාගෙන ඇති සීමා බිඳ දැමීම අතිශය දුෂ්කර, සැබවින් ම ඉතා අසීරු කාර්යයකි. සියලු මානසික හැඩගැසීම්වලින් නිදහස් වීම යනු වඩා යහපත් හැඩගැස්මක් සොයා යාම නොවේ.
මෙවැනි උමතු වූ, ව්‍යාකූල වූ ලෝකයක අපට ජීවත් වී ඉදිරියට යාමට නම් අප සෑම කෙනෙකු ම තම සිත එහි ඇති හැඩගැසීම්වලින් නිදහස් කර ගැනීමේ මෙම ගැටලුව පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. මෙයින් අදහස් කරන්නේ වඩා හොඳ මානසික හැඩගැස්මක් වර්ධනය කර ගැනීම නොව, සියලු හැඩගැසීම්වලින් නිදහස් වීම යි. අපගේ ම මානසික හැඩගැසීම් පිළිබඳව අප දැනුවත් නොවන තාක් කල් අපගේ සමස්ත පැවැත්මේ ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබාගත නොහැක. අප සෑම කෙනෙකු ම දේශගුණය, අප ගන්නා ආහාර සහ වෙනත් කායික බලපෑම් මගින් හැඩගැසී වී ඇත. ඒවා සමඟ කටයුතු කරන්නේ කෙසේ දැයි අපි දනිමු. එහෙත් මනෝභාවයේ, එනම් අභ්‍යන්තරයේ ඇති ගැඹුරු හැඩගැසීම් පිළිබඳව අපෙන් ඉතා සුළු පිරිසක් පමණක් දැනුවත් වෙති. අපගේ ක්‍රියාවන් නියම කරන්නේත්, පාලනය කරන්නේත්, හැඩගස්වන්නේත් එය යි.
අපෙන් බොහෝ දෙනෙකු තමන්ගේ මානසික හැඩගැසීම් පිළිබඳව අවිඥානිකව සිටින බැවින්, පළමුවෙන් ම ඒවා පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය නොවේ ද? අප සෑම කෙනෙකු ම කිසියම් ආකාරයකින් හැඩගැසී සිටිමු. ක්‍රිස්තියානුවෙකු ලෙස හෝ වෙනත් කිසියම් කණ්ඩායමකට අයත් පුද්ගලයෙකු ලෙස හෝ ඇතැම් අදහස්, විශ්වාසයන් සහ මතවාදයන් අප තුළ ඇති අතර ඒවා වෙනත් අදහස්, විශ්වාසයන් සහ මතවාදයන්ට පටහැනි ය. මෙම විශ්වාසයන් සහ මතවාදයන් ම මිනිසා සහ මිනිසා අතර සතුරුකම ඇති කරමින් බෙදීම පවත්වාගෙන යන්නේ නොවේ ද? එසේ නම්, සිතට සියලු හැඩගැසීම්වලින් නිදහස් විය හැකි දැයි අප අපගෙන් ම විමසීම වැදගත් නොවේ ද? කිසිදු කණ්ඩායමකට හෝ ආගමකට අයත් නොවී සිටිය හැකි ද? මෙයින් අදහස් කරන්නේ වෙනත් හැඩගැසී තත්ත්වයකට ඇතුළු වී, අදේවවාදියෙකු, කොමියුනිස්ට්වාදියෙකු හෝ වෙනත් යමක් බවට පත්වීම නොවේ. සියලු හැඩගැසීම්වලින් නිදහස් වීම යනු වඩා යහපත් හැඩගැසීමක් සොයා යාම නොවේ. මට හැඟෙන්නේ ගැටලුවේ සැබෑ හරය එය බව යි. මන්ද, ජීවත් වීමේ ගැටලුව අපගේ පැවැත්මේ එක් කොටසක මට්ටමින් නොව, සමස්ත ක්‍රියාදාමයක් ලෙස නිරාකරණය කළ හැකි වන්නේ සිත හැඩගැසීමෙන් නිදහස් වූ විට පමණි.
සාමය ඇති වීමට නම් සිත සම්පූර්ණයෙන් ම මානසික හැඩගැස්මෙන් නිදහස් විය යුතු ය. ඔබටත් මටත් අපගේ හැඩගැසීම් පිළිබඳව දැනුවත් විය හැකි ද? එයින් නිදහස් විය හැකි ද? අධිෂ්ඨානයේ කිසියම් ක්‍රියාවකින් එම නිදහස ඇති කළ හැකි ද? මම හින්දුවෙකු ලෙස හෝ ඔබ කැමති කුමන ආකාරයකට හෝ හැඩගැසී සිටින බව මම අවබෝධ කරගනිමි. එම හැඩගැසීම අන් අය සමඟ මගේ සම්බන්ධතාවයට ඇති කරන බලපෑම් ද මම දකිමි. එය සැබවින් ම ප්‍රතිරෝධය මත පදනම් වූ සම්බන්ධතාවයකි, එමගින් එයට ම ආවේණික වූ ගැටලු නිර්මාණය වේ. එසේ නම්, “මම හැඩගැසීමට ලක් නොවිය යුතු ය, මම වෙනස් ආකාරයකින් සිතිය යුතු ය, මම මනුෂ්‍යයන් සමස්තයක් ලෙස සැලකිය යුතු ය” යනාදී වශයෙන් මට ම පවසමින්, අධිෂ්ඨානයේ ක්‍රියාවකින් එම හැඩගැසීම බිඳ දැමිය හැකි ද? අවසානයේ, අප ‘අධිෂ්ඨානය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? ප්‍රතිඵලයක් අත්කර ගැනීමට කැමති ‘මම’ කේන්ද්‍ර කරගත් ආශාවේ ක්‍රියාවලිය එය නොවේ ද?
මම මානසික වශයෙන් හැඩගැසී සිටින බව දකිමි. එම හඩගැසීම මට පැහැදිලිව සිතීමට බාධා කරන බැවින් එයින් නිදහස් වන්නේ කෙසේ දැයි දැනගැනීමට මට අවශ්‍ය ය. එය මිනිසුන් සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ද බාධා කරයි. එය ප්‍රතිරෝධයක් ඇති කරන අතර එම ප්‍රතිරෝධය තමන්ට ම ආවේණික වූ ගැටලු නිර්මාණය කරයි. එසේ නම්, හඩගැසීමට ලක්වීමේ බලපෑම්වල සමස්ත අර්ථය ම දකින විට මගේ සිත හැඩගැසීමෙන් නිදහස් වන්නේ කෙසේ ද? ඔබට ගැටලුව වැටහෙනවා ද? සිත හැඩගැසීමෙන් නිදහස් කිරීමට කැමති ඒකකය සිතෙන් වෙනස් වූ දෙයක් ද? එය වෙනස් දෙයක් නම්, උත්සාහය සහ අධිෂ්ඨානයේ ක්‍රියාව පිළිබඳ ගැටලුව මතුවෙයි. “මම හඩගැසීමට ලක්වී සිටිමි, මම නිදහස් විය යුතු ය” යැයි පවසන පුද්ගලයා වන ‘මම’, එනම් චින්තකයා —නිදහස් වීමට උත්සාහ කරන ඒ ‘මම’— එම අධිෂ්ඨානය, එම ආශාව, හැඩගැසුණු තත්ත්වයෙන් වෙනස් වූ දෙයක් ද? කරුණාකර, මෙය සංකීර්ණ දෙයක් නොවේ. ඔබ මෙම ගැටලුව දෙස බලන විට ඔබගෙන් ම මෙම ප්රශ්නය ඇසීමට සිදුවනු ඇත. හැඩ ගැස්මෙන් මාව නිදහස් කර ගැනීමට කැමති මම එම හැඩගැසීමෙන් වෙනස් වූ දෙයක් ද? නැතහොත් ඒ දෙක ම එකම දෙයක් ද? ඒ දෙකම එකම දෙයකි. එසේ නම්, සිතට හැඩගැසීමෙන් නිදහස් විය හැක්කේ කෙසේ ද?
සිතේ හැඩගැසීමට ලක් නොවූ කොටසක් තිබේ ද? ඔබේ සිත හැඩගැසීමට ලක් ව ඇති අතර මෙම හැඩගැසීම සාමයට බාධා කරමින් යුද්ධය, විනාශය සහ දුක්ඛිතභාවය ඇති කරයි. ඔබගේ හැඩගැසීම සම්පූර්ණයෙන් ම විසඳා නොගන්නා තාක් කල් ලෝකය තුළ සැබෑ සාමයක් ඇති නොවනු ඇත. එවිට ඇති වන්නේ දේශපාලනඥයන්ගේ සාමය යි —මහා බලවතුන් දෙදෙනෙකු අතර පවතින සාමයක්, එනම් භීෂණය මත පදනම් වූ සාමයකි. සාමය උදා වීමට නම්, සිත සම්පූර්ණයෙන් ම හැඩගැසීමෙන් නිදහස් විය යුතු ය. මෙය මතුපිටින් නොව, ඔබගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ යම් උපක්‍රමයක් ලෙස ද නොව, ගැඹුරින් අවබෝධ කරගත යුතු ය. සාමය යනු සිතේ තත්ත්වයකි. එය එකිනෙකා විනාශ කර දැමීම සඳහා බිහිසුණු විනාශකාරී මාධ්‍යයන් වර්ධනය කර ඉන්පසු භීෂණය තුළින් සාමය පවත්වාගෙන යාම නොවේ. ලෝකය තුළ සැබෑ සාමයක් උදා වීම යනු කිසිදු බියකින් තොරව සතුටින්, නිර්මාණශීලීව ජීවත් වීමට හැකි වීම යි —කිසියම් අදහසක් හෝ කිසියම් ජීවන රටාවක් තුළ ආරක්ෂාව සොයමින් නොසිටීම යි. එවැනි සාමයක් උදා වීමට නම්, සිත බාහිරින් පටවන ලද හෝ අභ්‍යන්තරයෙන් වර්ධනය කරගත් සියලු හැඩගැසීම්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් විය යුතු ය. එසේ නම්, හැඩගැසී ඇති ඔබේ සිතට —මන්ද සියලු සිත් ම හැඩගැසීමට ලක් වී ඇති බැවිනි— තමන්ගේ ම බලපෑම්වලින් ආශාවන්ගෙන් සහ හැඩ ගැස්මෙන් නිදහස් විය හැකි ද?
එසේ නම්, සිතේ හැඩගැසීමට ලක් නොවූ කොටසක් තිබේ ද හැඩගැසුණු සිත සිය භාරයට ගෙන එය පාලනය කිරීමට හෝ විනාශ කර දැමීමට සමත්? නැතහොත් සිත සෑම විට ම සම්පූර්ණයෙන් ම හැඩගැසී වී ඇති බැවින් එයට තමන් කෙරෙහි ම ක්‍රියා කළ නොහැකි ද? තමන් කෙරෙහි ම ක්‍රියා කළ නොහැකි බව සිත අවබෝධ කරගත් විට තම හැඩගැසීම දෙසට කිසිදු චලනයකින් තොරව සිත සම්පූර්ණයෙන් ම නිශ්චල නොවනු ඇත් ද? අපෙන් බොහෝ දෙනෙකුට නිදහස යන්නෙන් අදහස් වන්නේ යම් දෙයකින් නිදහස් වීම යි. යම් දෙයකින් නිදහස් වීම යනු යම් දෙයකට එරෙහි ප්‍රතිරෝධයකි. එබැවින් එය සැබෑ නිදහසක් නොවේ. මා කතා කරන්නේ යම් දෙයකින් නිදහස් වීම ගැන නොව, නිදහස්ව සිටීම ගැන ය. නිදහස්ව සිටීම යනු ක්‍රමානුකූලව නිදහස් වීම නොවේ; සාමකාමීව සිටීම යනු ක්‍රමානුකූලව සාමකාමී වීම නොවේ. නිදහස හෝ සාමය කරා ක්‍රමානුකූලව පරිවර්තනය වීමේ ක්‍රියාවලියක් නොමැත. එක්කෝ ඔබ සාමකාමී ය, නැතහොත් ඔබ සාමකාමී නොවේ. අප උත්සාහ කරන්නේ, සොයා බැලීමට යන්නේ සියවස් ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට හැඩගැසීමට ලක් වී ඇති සිතකට තමන්ගෙන් ම නිදහස් විය හැකි ද යන්න යි. නිසැකව ම එයට නිදහස් විය හැක්කේ අධිෂ්ඨානයේ කිසිදු ක්‍රියාවක් නොමැති විට පමණි. එනම්, තමන් හැඩගැසීමට ලක් වී ඇති බව සිත අවබෝධ කරගෙන එම හැඩ ගැස්මෙන් නිදහස් වීමට කිසිදු උත්සාහයක් නොකරන විට ය. මගේ සිත තම සිතීමේ ආකාරය පෙරදිගට අයත් බව දන්නා විට —එයින් අදහස් කරන්නේ කුමක් වුවත්— එය සම්පූර්ණයෙන් ම අවබෝධ කරගත් විට, එවිට එය බටහිර ආකාරයට සිතන්නට පටන් ගනී ද? එය ද තවත් ආකාරයක හැඩගැසීමට ලක්වීමකි. නැතහොත්, එය කිසියම් නිශ්චිත රටාවකට අනුව සිතීම නවතා එබැවින් නිදහසේ සිතීමට හැකි වනු ඇත් ද?
එම සීමාව බිඳ දැමීමට මා විසින් කිසියම් ක්‍රියාවක් කළ යුතු ද? මෙය අවබෝධ කරගැනීමට ඉතා වැදගත් කරුණකි. ගැටලුවේ සැබෑ හරය මෙය යි. මන්ද, හැඩගැසීමට ලක් වූ සිතකට කිසිවිටෙකත් සත්‍යය සොයාගත නොහැකි බැවිනි. හැඩගැසීමට ලක් වූ සිතකට දෙවියන් යනු කුමක් දැයි කිසිවිටෙකත් සොයාගත නොහැක. එයට තමන්ගේ ම චිත්ත රූප, මතවාද සහ විශ්වාස ප්රක්ෂේපණය කරමින්, තමන් දෙවියන් සොයාගෙන ඇතැයි සිතිය හැකි ය. එහෙත් එය තවමත් සීමිත, හැඩගැසීමට ලක් වූ සිතක ක්‍රියාවක් පමණි. මම එය දකින්නේ නම්, එය සත්‍යයක් ලෙස අවබෝධ කරගන්නේ නම්, මා විසින් කිසියම් ක්‍රියාවක් කළ යුතු ද? මම අන්ධ බව දන්නවා නම්, ජීවිතයට මා ප්‍රවේශ වන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් වේ; මම වෙනස් ආකාරයක අවබෝධයක් වර්ධනය කරගනිමි. එසේ ම, මම හැඩගැසීමට ලක් වී ඇති බවත්, මගේ සිතීම සීමිත බවත්, සීමිත සිතක් කුමන අත්දැකීම් ලැබුවත්, කොතරම් දැනුමක් රැස් කරගත්තත්, තවමත් සීමිත බවත් මම දන්නා විට —එය අවබෝධ කරගත් විට— එම සීමාව බිඳ දැමීමට මා විසින් කිසියම් ක්‍රියාවක් කළ යුතු ද? සිත සීමිත බව මා දැනගත් විට, එම සීමාව තමන් විසින් ම බිඳ වැටෙන්නේ නැද්ද? එසේ නම්, හැඩගැසීමෙන් ක්ෂණික නිදහසක් ඇති නොවන්නේ ද? අපෙන් බොහෝ දෙනෙකු සිතන්නේ විශ්ලේෂණාත්මක ක්‍රියාවලියක් අවසානයේ සිතේ නිදහස ඇති කරනු ඇතැයි කියා ය. මන්ද, උත්සාහයට අනුව සිතීමට අප බොහෝ සෙයින් පුරුදු වී ඇති බැවිනි. අපි මෙසේ කියමු: “මම මේ හැඩගැසීම බිඳ දැමිය යුතුයි. මම ප්‍රතිඵලයක් ඇති කළ යුතුයි. මම යමක් කළ යුතුයි.” එහෙත් ක්‍රියා කරන ‘මම’ම හැඩගැසීමට ලක් වී ඇත. ‘මම’ යනු හැඩගැසීමට ලක් වූ සිත යි. එබැවින් එම හැඩගැසීම බිඳ දැමීමට එයට නොහැකි ය.
මගේ සමස්ත පැවැත්ම ම හැඩගැසීමට ලක් වීම බිඳ දැමීමට මට නොහැකි බව අවබෝධ කරගත් විට —එය සම්බන්ධයෙන් මා කුමක් කළත්, එනම් හික්මවීම, වන්දනා කිරීම, යාච්ඤා කිරීම හෝ ‘මම’ විසින් තමන්ගේ ම කිසියම් කොටසක් බිඳ දැමීමට දරන ඕනෑම උත්සාහයක් කළත්, එය තවමත් සීමිත ක්‍රියාවක් බව අවබෝධ වූ විට — ‘මම’ගේ ක්‍රියාකාරිත්වය අවසන් නොවන්නේ ද? එම උත්සාහයේ අවසානය ම හැඩගැස්මේ අවසානය නොවන්නේ ද?
‘මම’ යනු හැඩගැසීමට ලක් වූ සිතයි. කරුණාකර මෙය අත්හදා බලන්න. ඔබ නිසි ලෙස සවන් දී ඇත්නම්, තම හඩගැසීම සම්බන්ධයෙන් සිතට කිසිවක් කළ නොහැකි බව ඔබට පෙනෙනු ඇත. එයට ගවේෂණය කළ හැකි ය, විශ්ලේෂණය කළ හැකි ය, යම් යම් ප්‍රතිඵල අත්කරගත හැකි ය. එහෙත් එය සෑම විට ම සීමිත ය. එහි ප්රක්ෂේපණ, අපේක්ෂාවන් හෝ අත්පත් කරගැනීම් කුමක් වුවත්, ඒවා සෑම විට ම එහි පසුබිමේ ප්‍රතිඵලයක් වන අතර, එබැවින් සීමිත ය. සිත එය අවබෝධ කරගත් විට, සොයමින්, ගවේෂණය කරමින්, බලාපොරොත්තු වෙමින්, අත්පත් කරගනිමින් සිටින මේ ‘මම’ ගේ කිසිදු බලකිරීමකින් තොරව, ක්ෂණික අවසානයක් සිදු නොවන්නේ ද? අවසානයේ, එය ම භාවනාව නොවේද? එය අධිෂ්ඨානයේ කිසිදු ක්‍රියාවක් තුළින් සිදු වන්නක් නොවේ. එය සන්සුන් බව වූ සිතේ භාවනාව යි. ආශාවන් තුළ, යම් ප්‍රතිඵලයක් අත්කර ගැනීම තුළ, දැනගැනීම තුළ, අත්දැකීම් ලැබීම තුළ පමණක් සිරවී සිටින සිතකට කිසිවිටෙකත් නිශ්චල සිතක් විය නොහැක. සීමිත සිතක් භාවනා කරන විට, එය දෙවියන් ගැන සිතන විට, එහි දෙවියන් සහ එහි භාවනාව යන දෙකම තවමත් සීමිත ය. සාමාන්‍ය මට්ටමේ සිතක් කෙතරම් පුළුල් කළත්, එය කොතරම් දැනුමක් ලබාගත්තත්, එය තවමත් සාමාන්‍ය, කුඩා, සීමිත සිතකි. එබැවින් එහි ගැටලුද සෑම විට ම සීමිත සහ විසඳිය නොහැකි ගැටලු ලෙස ම පවතිනු ඇත.
එබැවින් වැදගත් වන්නේ මා පවසන දේට සවන් දීම පමණක් නොව මේ සියල්ල අවබෝධ කරගැනීම යි. එනම්, ඔබේ සිත කුඩා බවත්, සීමිත බවත් ඔබ විසින් ම දැක එය ඍජුව අත්විඳීම යි. එය සීමිත බැවින් එය කොතරම් දැනුමක් ලබා තිබුණත්, කුමන අත්දැකීම් ලබා තිබුණත්, එය තවමත් සීමිත ය. එබැවින් සත්‍යය කුමක් ද, යථාර්ථය කුමක් ද යන්න එයට කිසිවිටෙකත් සොයාගත නොහැක. යථාර්ථය උදාවන්නේ සියලු හැඩගැසීම් සම්පූර්ණයෙන් ම අවසන් වූ විට පමණි. එනම්, සිත නිදහස් වූ විටත්, එබැවින් නිශ්චල වූ විටත් ය.
නිව්යෝර්ක්, 1954 — දේශනය 2
As long as the world is broken up into nationalities, as long as it is divided by faiths, beliefs and dogmas, there can be no peace at all. There can be peace only when all nationalism ceases, when all beliefs which divide man come to an end. This can happen only when the mind is free from all conditioning, when the mind no longer thinks in terms of America or Russia, communist, socialist or capitalist, Catholic, Protestant or Hindu. We can only deal with the many problems that arise when we approach them as human beings, that is, when we are not conditioned in any of these patterns cultivated for generations. It is arduous, really difficult to break down the enclosures that the mind has built around itself.
To be free from all conditioning is not to seek better conditioning. If we are to survive in this mad, chaotic world, surely it is imperative that each one of us should consider this problem of freeing the mind from its conditioning. This does not mean the cultivation of better conditioning, but freedom from all conditioning. It is impossible to be aware of the total process of our being as long as we are not aware of our own conditioning. Each one of us is conditioned by the climate, the food we eat, and other physiological influences. Those we know how to deal with. But of the deeper conditioning of the psyche, the inward, very few of us are aware, and it is that which dictates, controls and shapes our actions.
As most of us are unconscious of our conditioning, is it not first of all essential to be aware of it? Each one of us is conditioned, as a Christian or as belonging to some other group with certain ideas, beliefs and dogmas contrary to other ideas, beliefs and dogmas. These very beliefs and dogmas create enmity and maintain division between man and man. So is it not important to ask ourselves whether it is possible for the mind to free itself from all conditioning? Is it possible not to belong to any group or religion? Which does not mean entering another conditioned state, becoming an atheist, a communist or something else. To be free from all conditioning is not to seek better conditioning. I think that is the real crux of the matter, because only when the mind is unconditioned can it tackle the problem of living as a total process, not just on one sectionalised level of our existence.
To have peace, the mind must be totally unconditioned. Can you and I be aware of our conditioning? Is it possible to be free of it? Can any action of the will bring about that freedom? I realise I am conditioned, as a Hindu or what you will, and I see the effects of that conditioning in my relationship with others, which is really a relationship of resistance, creating its own problems. Can I break down that conditioning by an act of will, by saying to myself I must not be conditioned, I must think differently, I must consider human beings as a whole, and so on? Can the conditioning be broken down through any action of the will? After all, what is it that we call the will? Is it not the process of desire centred in the ‘me’ that wants to achieve a result?
I see I am conditioned, and I want to know how to break it down because that conditioning prevents me from thinking clearly. It prevents a direct relationship with people. It creates resistance, and resistance creates its own problems. So, seeing the whole implication of the effects of conditioning, how is my mind to free itself from conditioning? Do you understand the problem? Is the entity that desires to free the mind from conditioning different from the mind itself? If it is different, the problem of effort and the action of will come into being. Is the ‘I’, the thinker, the person who says, ‘I am conditioned, and I must be free,’ the ‘I’ who makes an effort to be free, is that ‘I’, that will, that desire, different from the conditioned state? Please, this is not complicated. You are bound to ask yourself this question when you look at the problem. Am I, who wishes to free myself from conditioning, different from the conditioning, or are they both the same? If they are the same, which they are, then how is it possible for the mind to free itself from conditioning?
Is there a part of the mind not conditioned? Your mind is conditioned, and this conditioning is preventing peace and creating war, destruction and misery. Unless you resolve your conditioning completely, there will be no real peace in the world; there will be the peace of politicians, between two immense powers, which is terror. To have peace, the mind must be totally unconditioned. One must realise that, not superficially and not as insurance for your security. Peace is a state of mind; it is not the development of monstrous means of destroying each other and then maintaining peace through terror. To have real peace in the world is to be able to live happily, creatively, without any sense of fear, without being secure in any thought or any way of life. To have such peace, the mind must be totally free from all conditioning, either externally imposed or inwardly cultivated. Can your mind, which is conditioned—because all minds are conditioned—can such a mind free itself from its own effects, desires and conditioned state?
So, is there a part of the mind not conditioned, which can take over, control or destroy the conditioned mind? Or is the mind totally conditioned at all times, and therefore cannot act upon itself? When it realises that it cannot act upon itself, will not the mind be utterly still, without movement towards its conditioning? For most of us, freedom implies freedom from something. Freedom from something is resistance against something and therefore is not freedom. I am talking not of freedom from something, but of being free. Being free is not becoming free; being peaceful is not becoming peaceful. There is no gradual process toward freedom or peace—either you are peaceful, or you are not peaceful. What we are trying to find out is whether the mind which has been conditioned for centuries, generation upon generation, can free itself. Surely, it can be free only when there is no action of will, when it realises that it is conditioned and does not make any effort to free itself from its conditioning. When my mind knows that its way of thinking is oriental, whatever that may mean, when it fully realises that, will it then think along the Western line, which is another form of conditioning, or will it cease thinking in any particular pattern and therefore be free to think?
Is any action on my part necessary to break down that limitation? This is a very important point to understand; it is the crux of the matter, because a conditioned mind can never find out what is true, a conditioned mind can never discover what God is. It can project its own images, dogmas and beliefs, thinking it has found God, but that is still the action of a limited, conditioned mind. If I see that, perceive it as a fact, will any action on my part be necessary? If I know I am blind, I have quite a different approach to life, I develop a different perception. In the same way, when I know that I am conditioned, that my thinking is limited, and that a limited mind, whatever its experiences, however much knowledge it acquires, is still limited; when I realise that, is any action on my part necessary to break down that limitation? Will not that limitation break down of itself when I know the mind is limited? Therefore, is there not an instantaneous freedom from conditioning? Most of us think that an analytical process will ultimately bring about the freedom of the mind because we are so used to thinking in terms of making an effort. We say, ‘I must break down this conditioning, I must produce a result, I must do something.’ But the ‘I’ who is acting is itself conditioned. The ‘I’ is the conditioned mind, and therefore it cannot break down that conditioning.
When the whole of me realises that I cannot break down conditioning, that whatever I do about it—discipline, worship, prayer, anything through which the ‘me’ makes an effort to break down any part of itself—is still limited, then does not the action of the ‘me’ come to an end? And the very ending of this effort is the cessation of conditioning.
The ‘I’ is the conditioned mind. Please, experiment with this. If you have listened rightly, you will see that the mind cannot do a thing about its conditioning. It can explore, it can analyse, it can achieve certain results, but it is always limited. Whatever its projections, hopes or fulfilments, they are always the result of its background and therefore limited. When the mind realises that, is there not an instantaneous cessation without any compulsion of this ‘I’ which is seeking, searching, hoping, gaining? After all, that is meditation, which is not through any action of will. It is the meditation of the mind, which is tranquillity. A mind that is merely caught in desires, in achieving a result, in knowing, in experiencing can never be a still mind. When a limited mind meditates, when it thinks of God, its God and its meditation are still petty. However much a mediocre mind may be expanded, however much it knows, it is still mediocre, small, petty, and therefore its problems will always remain petty, unsolvable.
So, what is important is to realise all this, not merely through hearing what I am saying, but through seeing it for yourself, experiencing directly that your mind is small, limited. And being limited, however much it may know, whatever experiences it may have, it is still limited, and therefore can never find out what is true, what is real. Reality comes into being only when there is a total cessation of all conditioning, that is, when the mind is free and therefore still.
Krishnamurti in New York 1954, Talk 2.
